කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක් වතුර නැහැ

කොළඹ ප්‍රදේශ කිහිපයකට රෑ 10 සිට පැය 18ක් වතුර නැහැ

by Staff writer 27-06-2020 | 7:00 AM
COLOMBO (News 1st) : කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට පසුදා පස්වරු 4 දක්වා පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එම කාලය තුළ කොළඹ 01, 11 සහ 12 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද එම මණ්ඩලය සඳහහන් කළේ ය . මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසී ය.