Voice Teens රහස් එළිය⁣ට

Voice Teens රහස් එළිය⁣ට

by Staff writer 26-06-2020 | 6:51 PM

COLOMBO (News 1st) - වොයිස් ටීන්ස් ශ්‍රී ලංකා... (The Voice Teens) ඒ, මේ දිනවල ජනප්‍රියම රියැලිටි වැඩසටහනයි.

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ රාත්‍රියේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත් විය. සිරස TV ඔස්සේ විකාශය වන ද වොයිස් ටීන් ජාත්‍යන්තර සංගීතමය රියැලිටි වැඩසටහනේ අවසන් අදියරට දැන් ළඟාවී තිබේ. බැට්ල්රවුන්ඩ් පසුගිය සතියේ අවසන් වූ අතර මීළඟට ආරම්භ වන්නේ නොකවුට් වටයයි. එහිදී විනිසුරුවන් සිව්දෙනාට කණ්ඩායම් 4න් තරගකරුවන් 16 දෙනෙකු තෝරා ගැනීම සිදුවේ. ඉන්පසුව එම 16 දෙනාගෙන් සිව්දෙනෙකු තෝරාගෙන අර්ධ අවසන් අදියරට පිවිසෙන අතර අවසන් මහා තරගය අගෝස්තු 01 වැනි දා සහ 2 වැනි දා පැවැත්වීමට මේ වනවිට සැළසුම් කර අවසන් ය. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ (විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර) නීඩ්‍රා වීරසිංහ මහත්මිය
කෙනෙක්ට හිතන්න පුළුවන් ඇයි අපි වොයිස් ටීන් වැඩසටහන යෞවනයින් සමග කරන්නේ කියලා. මේ හරහා හැකියාවන් සහිත යෞවනයින්ට ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වැඩසටහන රූපවාහිනියේ විතරක් නෙවෙයි අන්තර්ජාලයේත් ඉතාම ජනප්‍රියයි. අපිට මිලියන 165 කට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් හිමියි. ලක්ෂ 5 කට අධික පිරිසක් ඒවටා එක්වී සිටිනවා. මේකෙන් කියවෙන්නේ අපේ තරුණ තරුණියන් ජාත්‍යන්තර තලයට යොමුවෙලා කියන එක.
ස්ටයින් මැදිරි සංකීර්ණයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන සූරියබණ්ඩාර මහතා
රියැලිටි ෂෝස් ලංකාවට හඳුන්වලා දුන්නේ කවුද කියලා ඔබෙන් ලක්ෂපති ප්‍රශ්නයක් ඇහුවොතින් ඔබ ඒකට ඒ, බී, සී, ඩී කියලා එකක් උවමනා වෙන්නෙ නෑ . ඒත් අපි, බී ත් අපි, සීත් අපි, ඩීත් අපි. අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා අපේ මියුසික්, ගෝලෝබල් ෆ්ලැට් ෆෝම් එකට ගෙනියන්නෙ කොහොමද. මේක අපි ඉදිරියේ තියෙන අභියෝගයක්. මොකද ඉන්දියාව මේ සීමාවල් බිඳලා ඉන්දියානු සංගීතය ලෝකය සිසාරා ගිහින්. ලංකාව කොහෙද ඉන්නෙ. ලංකාවේ ටැලන්ට්ස් ඉන්දියාවට අභියෝග කළ හැකි ටැලන්ට්ස්. ඒ නිසයි වොයිස් ටීන්ස්. අපේ ඉලක්කය ඉන්ටර්නැෂනල් ලෙවල් එකකට අපේ දරුවොන්ව බද්ධ කරන්න.
MTV / එම් එන්ටර්ටේට්මන්ට් ප්‍රධාන විධායක නිලධාර නීතිඥ සුසාර දිනාල් මහතා
සිරසට ඕනි උනා 2005 දී රියැලටි හඳුන්වලා දුන්නා වගේම ඒක ඊළඟ ලෙවල් එකට ඊළඟ තලයට ගෙනියන්න. ඒ සඳහා අපි බොහොම කල්පනාවෙන් සීරු මාරුවට තෝරලා බලලා තමයි වොයිස් කියන සන්නාමය තෝරගත්තෙ. වරලත් සන්නාමයක් අරගෙන ඒ වැඩසටහන් කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක්. විශේෂයෙන්ම ඒ ජාත්‍යන්තර ආයතනවල තිබෙන ගයිඩ්ලයින්ස්වලට බුද්ධිමය දේපළ නීතිවලට අනුකූලව තමයි සියලු දේවල් කරන්න ඕනි.
වොයිස් ටීන්ස් ශ්‍රී ලංකා විනිසුරු දුමාල් වර්ණකුලසූරිය මහතා
පර්සනල් ප්‍රශ්න නෑ අපිට දරුවොත් එක්ක. දරුවෝ අපේ ගෙවල්වලින් එක්කගෙන ඇවිල්ලා නෑ. අපි ජොබ් එකක් කරන්නෙ. ඒක බොහෝම වගකීමෙන් කරන්නෙ. විශේෂයෙන්ම දරුවොත් එක්ක වැඩ කරද්දී හරි පරිස්සමින් වැඩ කරන්න ඕනි.
වොයිස් ටීන්ස් ශ්‍රී ලංකා විනිසුරු රයිනි ගුණතිලක මහත්මිය
ඕගොල්ලන්ට නොපෙනන දෙයක් තියෙනවා. ඒ තමයි කොච්චර මං මහන්සි වෙන්න ඕනිද ඒ කෙනාව එතෙන්ට ගන්න කියන එක. මේක ගේම් එකක් තමයි යන්නෙ. ඒ කියන්නෙ මම තරගකරුවෙක් හදන්න ඕනි තව ත් තරගකරුවෙක් එක්ක ෆිනෑලි එකේදි ෆයිට් කරන්න.
වොයිස් ටීන්ස් ශ්‍රී ලංකා විනිසුරු අශාන්ති ද අල්විස් මෙනවිය
වී ආර් ද ට්‍රේනර්ස්. සෝ අපි ට්‍රේන් කරනකොට අපිටම තේරෙනවා කොහොමද ළමයගේ කැපෑසිටි එක කේපබිලිටි එක කොයි මට්ටමට තියෙනවද කියලා.
වොයිස් ටීන්ස් ශ්‍රී ලංකා විනිසුරු සනුක වික්‍රමසිංහ මහතා
අපේ එකම ටාගර්ට් එක මේ ලංකාවට බිහි කරන්න දක්ෂයෝ ටිකක්.
මේ සති අන්තයේ සිට ද වොයිස් ටීන් තීරණාත්මක මීළඟ අදියර ආරම්භ වීමට නියමිතය...