COLOMBO (News 1st) - අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ව්‍යාපෘතිය යටතේ යෝජනා කළ ඩොලර් මිලියන 480 න් කිසිදු මුදලක් මෙතෙක් ලබාදී නැතැයි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලය මේ බව පැවසුවේ, MCC ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 10 ක් පසුගිය ආණ්ඩුව ලබාගෙන ඇතැයි සමාලෝචන කමිටු වාර්තාවෙන් හෙළි වූ කරුණ සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
MCC ගිවිසුම් කෙටුම්පත සමාලෝචනය කළ කමිටුවේ අවසන් වාර්තාව ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දුන්නේ ය.
එහිදී කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා අනාවරණය කළේ, 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් කර ඇති අතර ඊට අදාළව ඩොලර් මිලියන 10 ක් ලබාගෙන ඇති බවය.
කෙසේවෙතත් සමාලෝචන කමිටුව කළ මේ අනාවරණය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදු කළේ පසුගිය පෙබරවාරි මාසයේදීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා,
2017 ජූලි මාසේ 26 වෙනි දත් 2018 ජූනි මාසේ 18 වෙනි දත් අතිරේක ගිවිසුම් 2 ක් අත්සන් කරලා තියනවා. දැන් ආණ්ඩුව කියන්න ඕනේ ඒ ගිවිසුම් 2 අයින් කරනවා කියලා. නැත්තන් රනිල් කියන්න ඕනේ එහෙම ගිවිසුමක් අත්සන් කරේ නෑ කියලා.ගිවිසුම් අත්සන් කරලා තියනවා විතරක් නෙමෙයි. ඒ සඳහා ඩොලර් කෝටියක් අරගෙනත් තියනවා. දැන් ගිවිසුමට ඩොලර් කෝටියක් අරගෙනත් ඉවරයි. තව අතිරේක ගිවිසුම් 2 ක් අත්සන් කරලත් ඉවරයි. දැන් ආණ්ඩුව කියන්න ඕනෙ මොකක්ද? රනිල් වික්‍රමසිංහ කියන්න ඕනේ රටක, මෙතෙක් රටට කිව්වේ නෑ. එම්. සී. සී ගිවිසුමට අදාළ ගිවිසුම් 2 ක් අත්සන් කරාද නැද් ද?
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා,
අපි නෙමෙයි එවකට මුදල් ඇමතිවරයා නේ ඕක ඉදිරිපත් කළේ. මුදල් ඇමතිතුමාගෙන් අහන්න. වැරැද්දක් කරලා තියෙනව නම් දඬුවම් දෙන්න. කෙලින්ම කියන්නේ දඬුවම් දෙන්න. අපි අභියෝග කරනවා මේක හෝද හෝද මඩේ දාන්නේ නැතුව. මේ ඡන්දේ ආපුවහම එක එක කතා කියනවා.
ප්‍රශ්නය,
ඩොලර් අරන් තියෙනවා කිව්වා ?
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා,
ඔය කියන ඒවා ඇත්තනම් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගිහිල්ලා. නීතිමය දේවල් කරන්න. මේ දවස්වල නැති දේවලුත් එළියට එනවනේ මේ මජර දේශපාලනයේ හැටි.
එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා,
මේ එම්. සී. සී ගිවිසුම අපි ජනාධිපතිවරණ කාලයේදී මොනවද කිව්වේ රට බෙදනවා කියලා. අද ඒ බිල්ල මවලා පොඩි පූස් පැටියෙක් කරලා තියෙනවා. ජනතාවට බොරු කියලා සැබෑ තත්ත්වය යට ගහලා තියෙනවා රැවටෙන්න එපා. එදා කිව්ව දේ අද වෙනස් වෙලා තියෙනවා.
සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා,
එම්. සී. සී ගිවිසුම ගෙනාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා පරද්දන්න අපේම කල්ලිය ඒ හාදයෝ අපිට මතකයි එම්. සී. සී ගිවිසුම වගේ ඒවා මැතිවරණ ව්‍යාපාරය මැද ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සුළුතර කල්ලිය තමයි මේ කුමන්ත්‍රණය දියත් කලේ ඒ නිසා සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට නැහැ එම්. සී. සී ගිවිසමු ගැන වංලගු භාවයක්. මේක අත්සන් කරන්න උත්සාහ කලොත් අපි දැවැන්ත විරෝධයක් රට තුළ කරන්න බලාපොරොත්තු වෙනවා.
සමගි ජන බලවේගයේ අපේක්ෂක හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
ඒක ඒ අය ඔප්පු කරන්න ඕනේ මට ඒ ගැන දැනුමක් නැහැ. ජනාධිපතිවරණයට කලින් කිව්වේ මේක ඉරනවා කියලනේ.අධ්‍යයනය නොකරද ඒවා කිව්වේ? ඒවා හාත්පසින්ම වෙනස් නේ. ජනාධිපතිතුමා කියන්න ඕනේ මේක ආරක්ෂා කරනවද ඉරනවද කියලා. අනිත් කතා ඔක්කොම සුරංගනා කතා මේක තමයි මූලික ප්‍රශ්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂ්ක විමල් වීරවංශ මහතා,
එම්. සී. සී ගිවිසුම සම්බන්ධයෙන් පත්කරපු අනුකමිටුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා ඒකේ පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා එම්. සී. සී ගිවිසුමේ තියෙන අවාසි දායක තත්ත්වය. මේ රටට තියෙන අනතුර. ඒ වගේම පැවති ආණ්ඩුව හොරෙන් ගිවිසුම් දෙකකට අත්සන් තබා ඇති බව. ඒ නිසා අපි රාජතාන්ත්‍රිකව ගිවිසුම් දෙකකට අත්සන් තබා තිබුණත් මේ ගිවිසුමෙන් එළියට ඒමට මේකෙන් රට ඉවත් කරගැනීමට අවශ්‍ය සෑම උත්සාහයක්ම ගන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ රජය.
ප්‍රශ්නය,
අන්තර්ගත කරුණු ගැන උනන්දු වෙන්න ඕනේ කියලා ඊයේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා ප්‍රකාශයක් කරනවා ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂ්ක විමල් වීරවංශ මහතා,
අපට නම් අපේ දේශපාලනයේදී ඒ කාලේ එකයි මේ කාලේ එකයි කියලා දෙයක් නැහැ. අපේ දේශපාලනයේදී අපි විරුද්ධ පක්ෂයේදී මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ අන්තර්ගතය කියවලා බලලා තමයි අපි ඒකට විරුද්ද වුනේ. එදා ඉතින් රැල්ලට විරුද්ධ වෙච්ච අය ඇති අන්තර්ගතය නොදැන. සමහර වෙලාවට ඒය දැන් තමයි අන්තර්ගතය ගැන හොයනවා ඇත්තේ.අන්තර්ගතය නොදැන විරුද්ධ වෙච්ච අයයි. අන්තර්ගතය දැනගෙන විරුද්ධ වෙච්ච අයයි අතර වෙනසක් තියෙනවා. අපි අන්තර්ගතය දැනගෙන හොදාකාරවම. මේ රටට ඒකෙන් තියෙන විසකුරු විනාශය මොකද එම්. සී. සී ගිවිසුම විතරක් නෙමෙයි තනි ගිවිසුම සෝෆා ඇක්සා, මේ තුනම එකට සලකා බලන්නයි ඕනේ. මේ තුනම එකට බැලුවහම තමයි පේන්නේ එම්. සී. සී ගිවිසුම රට වටකොට වටලන ගිවිසුම් තුනකින් එකක්. ඒ නිසා අපි කිසිසේත්ම ඒ පරගැති ගිවිසුමට මේ රටේ ගොදුරුවෙන්න දෙන්නේ නැහැ.
ප්‍රශ්නය,
වාර්තාවේ සඳහන් වෙනවා 2017 - 2018 කාලයේ ගත් මුදල් සම්බන්ධයෙන් ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂ්ක විමල් වීරවංශ මහතා,
ඒ අවසන් වාර්තවේ සඳහන් වෙනවා ඩොලර් මිලියන 10 ක් ගැන ඒ සල්ලි කොහෙටද ගියේ කියලා නැහැ. මම දන්නේ නැහැ ඒක චරිත රක්වත්තේ තමන්ගේ උවමනාවට පාවිච්චි කළාද, රනිල් වික්‍රමසිංහ පාවිච්චි කළා ද? මොකද මේක අරලියගහ මන්දිරයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අදාළ කාර්යාලය තිබුනේ. එතකොට මේ සල්ලිවලට මොකද වුනේ කියන එක ප්‍රශ්නයක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා,
මේවා සාමූහික වගකීම්. දැන් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් ඇවිල්ලා අහයි ඇයි ඉතින් ඔය ගිවිසුම ඉරා දැම්මනම් මොකද කියලා.ඒකත් මරු කතාව අප්පා කරන්න තියෙන දහදුරා තුප්පහි වැඩ ඔක්කොම කරලා කියනවා ඕක ඉරා දැම්මනම් මොකද කියලා. රට පාවා දෙන රටේ ඉඩම් ටික විදේශිකයන්ට අයිති කරගන්න ඒ සියලු අය නීතිය ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට දඩුවම් දිය යුතුයි.
ජාතික ජනබලවේගයේ අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා,
මේගොල්ලෝ කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුකූලව අලුත් එකකට යනවා කියලා. කොහොම ගියත් යන්නේ MCC ආයතනයත් එක්ක නම් ඔවුන් ගහන්නේ ඒක ආදරේට නෙමෙයි ඇක්සා එකෙන් සෝෆා එකෙන් එහාට යන්න. ඒ සඳහා අපිට දෙන දොල පිදේනිය තමයි ඩොලර් මිලියන 485. හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි එම්.සී.සී ගිවිසුම ඉරා දමන්නේ කවද ද? ශ්‍රැංගිලා හෝටලයට විකුණපු අක්කර 6 ගැන දැන් කියන්නේ මොකක්ද? මොනම වෙලාවක හරි අමෙරිකාව චීනය ඇතුළු ලෝක යුද්දයක් ඇති වුනොත් දැන් තේරුම්ගන්න පුළුවන් අපේ රටේ මර්මස්ථාන විකුණලා තියෙන හැටියට ඔවුන් මොන විදිහට මේ රට පාවිච්චි කරයිද කියලා. ටයි කෝට් මහත්වරුන්ගෙන් වේගවත්ව හරියට කරගන්න බැරි වුනානම්, ඒක සාටකය දාගත්ත නොදාගත්ත අය හරහා කරගන්න අමෙරිකාවත් චීනයත් ඉන්දියාවත් දැන් පෙළඹිලා තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක මර්වින් සිල්වා මහතා,
මම ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා ජනාධිපතිතුමනි, ඔබතුමා රුහුනේ ඩී. ඒ රාජපක්ෂ වැදගත් ශ්‍රේෂ්ඨ නායකයාගේ පුත්‍රයා. දැන්වත් මේ කාර්යාලය වහලා හෙටම ප්‍රකාශනයක් කරන්න. මර්වින් සිල්වාගේ තියෙන්නේ රුහුනේ ලේ. කරුණාකරලා මේ ගිවිසුම අහෝසි කරනවා කරනවා කියලා ප්‍රසිද්ධි ප්‍රකාශයක් දෙන්න කියලා ගෞරවෙයන් ඉල්ලනවා. ප්‍රතිඥාවක් දෙන්න.ඒක නොදුන්නොත් රුහුනේ ඉඳලා රජරටට දුටුගැමුණු ආවා වගේ මම රජ රට ඉදලා රුහුණට ගිහිල්ලා රාජපක්ෂවරුන්ට විරුද්ධව විශාල වැඩපිළිවෙළක් කරනවා විතරක් නෙමෙයි. ඔය පර සුද්දාට මම කියනවා කාර්යාලය අකුලගෙන පලයව්. පලයව් .පලයව්. කියලා දඹර ඇඟිල්ල දික් කරලා කියනවා.
MCC ගැන අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රතිචාර දක්වා තිබුණේ මේ ව්‍යාපෘතියට අදාළව සිද්ධි ඇතුළත් කාලරාමුවක් ද සමගිනි.
තානාපතිකාර්යාලය ප්‍රසිද්ධකර ඇති සිද්ධි මාලාවට අනුව ශ්‍රී ලංකාව MCC වැඩසටහනට යෝග්‍ය තත්ත්වයක ඇතැයි ප්‍රකාශ වන්නේ 2015 දෙසැම්බර් මාසයේදීය
2016 ජනවාරි හා නොවැම්බර් අතර කාලසීමාවේ ප්‍රවාහන යටිතල පහසුකම් හා ඉඩම් නීති ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකා රජය මුදල් ගෙවා හාවඩ් විශ්වවිද්‍යාලයේ සහය ඇතිව අධ්‍යයනයක් සිදු කර තිබේ.
එම වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව MCC ව්‍යාපෘතියට සුදුසුකම් ලබා ඇත.
සවිස්තර ව්‍යපෘති වාර්තාව MCC වෙත ලබාදී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදීය.
2018 ජුලි මාසයේ ව්‍යාපෘතිය MCC කළමණාකාරිත්වය අනුමත කර ඇති අතර එම වසරේ සැප්තැම්බර් මාසයේදී එවක ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරදී MCC ප්‍රධාන විධායක නිලධාරියා හමුවී තිබේ.
භාණ්ඩගාර ලේකම්වරයා සහ දෙපාර්ශවයේ නියෝජිතයින් කොන්දේසි පිළිබඳව සාකච්ඡා කර ඇත්තේ එම වසරේ ඔක්තෝබර් මාසයේදීය.
2019 අප්‍රේල් MCC ආයතනය ඩොලර් මිලියන 480 අනුමත කර ඇති අතර එම වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට කැබිනට් මණ්ඩලය ව්‍යාපෘතිය අනුමත කර තිබේ.
අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, මේ වසරේ පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය මීළඟ පියවර ගැන සාකච්ඡා කළ බවයි.
කෙසේවෙත් MCC ව්‍යාපෘතියට අදාළව තානාපති කාර්යාලයට අමතක වූ කරුණක් ඇත.
ඒ, MCC කාර්යාලයක් එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටි අරලියගහ මන්දිරයේ පවත්වාගෙන ගිය බවයි
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,
මෙන්න මම හොයා ගත්තා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශිර්ෂය තියෙන ලිපියක්. මේක ලියලා තියෙන්නේ. 2019 පෙබරවාරි 15 කාටද ලියුම යොමු කරලා තියෙන්නේ. මිස්ටර් ඩබ්ලිව්. එච්. කරුණාරත්න සෙකට්‍රි මිනිස්ට්‍රි ඔෆ් ලෑන්ඩ් ඇන්ඩ් පාර්ලිම්න්ට්‍රි රිෆෝම්ස්. ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම්වරයා ලියුමක් ලියන්නේ අග්‍රාමාත්‍ය ලිපි ශීර්ෂයෙන් කවුද අත්සන් කරන්නේ. ආර්. සිරිවර්ධන නැෂනල් කන්සල්ටන්ට් කෝඩිනේටර් මොකේද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ශ්‍රී ලංකා ඔෆිස් සෙකන්ඩ් ෆලෝර් නිව් බිල්ඩින් නෝර්ත් වින්ඩ් ටෙම්පල් ස්ට්‍රීස් කලොම්බෝ 3.
අරලියගහ මන්දිරයේ කාර්යාලය අමෙරිකානු තානාපති කාර්යාලයට අමතක වූයේ ඇයි?
MCC සම්බන්ධයෙන් සමාලෝචන කමිටු වාර්තාවෙන් බරපතළ ප්‍රශ්න රැසක් මතුකරද්දී ඊයේ මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය හදිසියේම විදුලි බල අමත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී තිබුණි.
තානාපති එහිදී දැනුම්දී තිබුනේ මෙරට විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලටය අමෙරිකාව සහය දීමට සූදානම් බවය.
විශේෂයෙන් මෙරට ප්‍රථම එල්එන්ජී බලාගාරය ඉදිකිරීම සඳහා තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව ඇය මහින්ද අමරවීර මහතාට දැනුම්දී තිබේ.
ඊට අමතරව ඇය පවසා ඇතතේ, නාගරික රථවාහන තදබදය අවම කිරීමට නව තාක්ෂණය ලබාදීමට අවශ්‍යනම් ඒ පිළිබඳව අවධානය යොමු කළ හැකි බවය.
MCC ව්‍යාපෘතියෙන් යෝජනාවී තිබුනේ රථවාහන තදබදය අවමකර ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම හා ඉඩම් නීති ප්‍රතිසංස්කරණය වැඩසටහනය.
ඊයේ සමාලෝචන කමිටු වාර්තාව ඉඩම් සම්බන්ධව MCC ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනයට ලක්කර තිබුණි.
දැන් බලශක්ති දෙස අවධානය යොමුකරන්නේ ඉඩම් සම්බන්ධ කටයුතුවලින් ඈත්වී MCC බලශක්ති ව්‍යාපෘති කරා යොමුකරවීමේ පියවරක් ලෙස ද?
ලයිබීරියා, බෙනින් සහ ඝානා යන රටවල දැනටමත් MCC ආයතනය බලශත්කි ක්ෂේත්‍රයේ ව්‍යාපෘති ආරම්භ කර ඇත.
නේපාලයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව MCC එකඟතා ඇතිකර ගැනීමට මේ දිනවල උත්සාහ දරමින් සිටි.
අපේ රටේත් බලශක්ති ගැන අමෙරිකානු තානාපතිනිය කථාකරන්නේ MCC වෙනත් ස්වරූපයකින් මෙරටට රැගෙන ඒමේ පියවරක් ද?