සොයිසාපුර වෙඩි තැබීම: සැකකරුවෙකුගේ නිවසකින් ගිනි අවියක් සහ ජීව පතරොම් 5 ක්

by Staff writer 26-06-2020 | 6:00 PM

COLOMBO (News 1st) - මොරටුව, සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකුගේ නිවසක ඉදිරිපිට සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතරොම් 5 ක් සොයාගෙන තිබේ.

ඒ, අද අලුයම කළ මෙහෙයුමකිනි. පසුගිය මස 29 වැනි දා සිදු වූ මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පැවසීය. එහිදී අනාවරණ කරගත් තොරතුරු මත මොරටුව, අඟුලාන සමුද්‍රදිසි මාවතේ පිහිටි ඔහුගේ නිවස අද අලුයම පරීක්ෂාවට ලක් කෙරුණි. සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.