ලෙබනනයේ සිටි ලාංකිකයන් 171  දිවයිනට

ලෙබනනයේ සහ නවසිලන්තයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

by Staff writer 26-06-2020 | 7:16 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළට රැගෙන එනු ලැබී ය. කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඔවුන් අද අලුයම 5.45 ට පමණ මෙරටට පැමිණි බවයි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් පැමිණ තිබේ. මේ අතර නවසිලන්තයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 88 දෙනෙකු ඊයේ රාත්‍රි 7 .30 ට පමණ කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආවේ ය. ගුවන්තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඔවුන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවයි. PCR පරීක්ෂණයන්හි ප්‍රතිඵල පැමිණෙන තෙක් ඔවුන් ගුවන්තොටුපළ අසල හොටල්හි තාවකාලිව රඳවා තබන බව ද වාර්තා වේ. අනතුරුව පිරිස නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි.