පාතාලේ වෙඩික්කරුවෙක් ගම්පහදී පොලිස් වෙඩි පහරින් මරුට

by Staff writer 26-06-2020 | 7:25 AM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු ගම්පහ , මල්වතුහිරිපිටියේදී අද අලුයම පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ,  පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් පේඩිගේ සංජීව සම්පත් හෙවත් කැටවල පිටියේ සම්පත් නමැත්තා මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි. මොහු ගනේමුල්ලේ සංජීව යන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙක් වශයෙන් කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබේ. සැකකරු සන්තකයේ තිබී රිවෝල්වරයක් ද සිය භාරයට ගත් බව පොලීසිය පැවසී ය.