පළාත් කිහිපයකට ඉදිරි පැය 24 ත් වැසි

පළාත් කිහිපයකට ඉදිරි පැය 24 ත් වැසි

by Staff writer 26-06-2020 | 7:09 AM
COLOMBO (News 1st) : බස්නාහිර සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තළත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර අද පෙරවරු 8 .30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය දැරණියගල ප්‍රදේශයෙන් වාර්තා විය. එය මිලිමීටර් 107 කි. රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයට මිලිමීටර් 101.5 ක් හා කළුතර හල්වතුර ප්‍රදේශයට මිලිමීටර් 100 ක වර්ෂාවක් අදාළ කාලය තුළ ලැබී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට තද වැසි ඇද හැළෙන බවයි.