කොළඹ වරායේ සංවර්ධනයට අමෙරිකානු සහය?

කොළඹ වරායේ සංවර්ධනයට අමෙරිකානු සහය ලැබෙන බවට අනාවරණයක්

by Staff writer 26-06-2020 | 9:36 PM

COLOMBO (News 1st) - අමෙරිකානු මෙගාපෝට් වැඩසටහන යටතේ කොළඹ වරාය ආශ්‍රිතව දේශසීමා හා වෙරළාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීමට සහය දෙමින් සිටින බව අලුත්ම වාර්තාවකින් අනාවරණය විය.

අමෙරිකාව මෙගාපෝට් වැඩසටහන ලොව පුරා රටවල් 31 කට ආසන්න සංඛ්‍යාවක ඉතා වැදගත් වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමේ අරමුණිනි. අමෙරිකානු ප්‍රතිත්‍රස්ත කාර්යාශංය ලොවපුරා රටවල 2019 ක්‍රියාත්මක වූ ත්‍රස්ත ක්‍රියා පිළිබඳව සකස් කළ වාර්තාවේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ නාවුක ආරක්ෂාව අනාරක්ෂිත බවය. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය අයි.එස්.අයි.එස් ත්‍රස්ත කණ්ඩායම්වලින් උත්තේජනයවී සිදු කළ ප්‍රහාරයක් ලෙස ද අමෙරිකානු ප්‍රතිත්‍රස්ත කාර්යාංශය සිය වාර්තාවේ හඳුන්වාදී තිබේ. එම වාර්තාවේ දැක්වෙන්නේ, ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ සඳහා එෆ්.බී.අයි ආයතනය සමග ශ්‍රී ලංකා පොලීසිය සහයෝගයෙන් කටයුතු කළ බවය.