නැගෙනහිර ජැටිය පිටරැටියන්ට ලබාදීමේ තැතක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදේශ රටවලට ලබාදීමේ උත්සාහයක්

by Staff writer 26-06-2020 | 10:16 PM

COLOMBO (News 1st) - මැතිවරණ වේදිකාව එක පැත්තකින් උණුසුම්...

තව ත් පැත්තකින් MCC ඇතුළු අමෙරිකානු බලපෑම් ගැනත් පුළුල් සංවාදයකි. මේ අතරේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විදේශ රටවලට ලබාදීමේ උත්සාහයක් ගැනත් සංවාදයක් කරළියට ඇවිත් තිබේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අපේ රටට තියෙන ගැඹුරුම වරාය ය. විශාල නෞකා පහසුවෙන් හසුරුවන්න පුළුවන් තැනත් එතනයි. වරාය අධිකාරිය විශාල මුදලක් වියදම් කරලා දැනටමත් මූලික ඉදිකිරීම් අවසන් කරලා ඇත. එහෙම තියෙද්දී පහුගිය ආණ්ඩුව ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යන්න යෝජනා කර තිබේ. නමුත් වරාය සේවකයින් භේදයකින් තොරව කියන්නේ මේ පර්යන්තය අපිට අයිතිවෙන්න ඕනේ කියාය. මේක අහිමි වුණොත් වරාය අධිකාරියට ස්වභාවික මරණයකට ලක්වෙයි කියන අනතුරු ඇඟවීම ඔවුන් කර තිබේ. දැන් මේ පර්යනත්යේ සවිකරන්න පුළුවන් ගැන්ට්‍රි දොඹකර තුනක් ගෙන්වල සතියකට ආසන්න වේ. අද වනවිටත් ඒවා සවිකරන්න නොදෙන බලවේගයක් වරාය තුළ ක්‍රියාත්මක වෙමින් පවති. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක,
චන්ද්‍රිකාගේ පාලනය පී.ඇන්.ඕ සමාගම් වෙත වරායේ එක ජැටියක් පවරා දෙනු ලැබුවා. මහින්දගෙ පාලනය දකුණු කොළඹ වරායේ ජැටිය චීන සමාගමට පවරා දුන්නා. අපිට දිග ගැඹුරු නැව් ගෙන එන්න පුළුවන් එකම ජැටිය හැටියට ඉතුරු වෙලා තියෙන්නෙ නැගෙනහිර ජැටිය. අර්ජුන රණතුංග වරාය අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ මෙම දොඹකර ගෙන්වීම සඳහා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ එම දොඹකර ගෙන ඒමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන්නෙ නෑ. එය ප්‍රතික්ෂේප කලා. දැන් රනිල් වික්‍රමසිංහගේ උවමනාවක් තිබුනා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය චීනයට කොළඹ දකුණු වරාය ලබා දීම හේතුකොටගෙන ඉන්දියාව තමන්ගෙ ආරක්ෂාව තමන්ගේ ආර්ථිකය ගැන කල්පනා කරමින් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ඉල්ලමින් සිටියෙ. බලපෑම් කරමින් තිබුනෙ.රනිල් වික්‍රමසිංහ එ සඳහා අවශ්‍ය වෙන මූලික ගිවිසුමත් ජපන් රජය, ජපන් ජපන් සහ ඉන්දියානු ඒකාබද්ධ සමාගමක් සමග අත්සන් කොටත් තිබුනා කළමනාකරණය පැවරීම වෙනුවෙන්. රටක් හැටියට කළ යුතු වන්නෙ නැගෙනහිර පර්යන්තය නැගෙනහිර ජැටිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන දොඹකර සවි කිරීම. විසි වෙනිදා කොළඹ වරායට ආපු දොඹකර අද විසි හය වෙනිදා අද වෙනකන්වත් ගොඩ බාලා නෑ. ගොඩ බාන්න දෙන්නෙ නෑ. ඒ නිසා අද සිට අපි දොඹකර ගෙන ඒමේ නැවේ දොඹකර ගොඩ බාන්න බැරි වීම ගැන ගොඩ නොබෑම ගැන, ආණ්ඩුව හිතාමතාම ගොඩ නොබෑම ගැන ප්‍රමාද ගාස්තු ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පාලකයන් මොකදක්ද කරමින් සිටින්නෙ. නොවැම්බර් මාසෙ 17 වැනි දාට පෙර රටට ප්‍රකාශ කරේ දේශප්‍රේමී ආණ්ඩුවක්. මහින්ද රාජපක්ෂ කිව්වෙ හම්බන්තොට වරාය ආපු විගස ගිවිසුම ඉරා දමනවා කියලා. හැබැයි ඒක තාමත් චීන රජයට. මහින්ද රාජපක්ෂගේ කඳවුර කිව්වෙ බලය ආපු විගසම එම්.සී.සී ගිවිසුම ඉරා දමනවා කියලා. එම්.සී.සී ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ සැලසුම් තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පාලනය යටතෙ කිව්වෙ නැගෙනහිර ජැටිය සංවර්ධන කර ඉදිරියට ගෙනියනවා කියලා. හැබැයි එයටත් දැන් බාධා කරමින් තිබෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔප්පු කරමින් තිබෙනවා. පැරණි බලවත් රාජ්‍යයන්ගේ අණසකට යටත් වූ ආර්ථික ප්‍රතිපත්තියක ඉන්නෙ.අපේ රටේ ජාතික සහ දේපල සම්පත් එවැනි සමාගම්වෙත රාජ්‍යයන් වෙත පවරා දීමේ සැලසුමක ඉන්න. ඒ සැලසුම් පිළිබඳ හොඳම නිදර්ශය තමයි මේ නැගෙනහිර ජැටියේ දොඹකර ගෙනල්ලා සවි කිරීමට ඉඩ නොදීම සඳහා ආණ්ඩුව කරන බලපෑම. https://www.facebook.com/NewsfirstSL/videos/268251067733353/