ආරක්ෂක ලේකම්ගෙන් යළිත් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්

by Staff writer 26-06-2020 | 10:41 PM

COLOMBO (News 1st) - ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මත්ද්‍රව්‍ය මර්දනයට අදාළව අද යළි ත් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඒ, නිට්ටඹුව, ඌරාපොල නවදිගන්තය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවය අමතමිනි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න,
ලංකාවේ දරුවන්ව බිලිගන්න බලාගෙන ඉන්න මිනීමෝරුන් අපි නීතිය හමුවට ගෙන ආ යුතුයි. මේ මිනීමෝරුන් විවිධාකාරයෙන් ඉන්නවා. සමහරු ලොකු කුඩු මුදලාලිලා විදියට පාතාලේ රජවරුන් විදියට ඉන්නවා. තවත් සමහරු ඒ පාතාලේ රජවරුන්ගේ මුදල්වලින් යැපෙන්න සැදී පැහැදී ඉන්නවා. පාතාලයින්ගෙන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඔබට ලැබෙන කොටස පාවිච්චියට අරගෙන ඔබේ දරුවාට ඔබ කවනවා වෙන්න පුළුවන් ඔබේ දරුවාට පොවනවා වෙන්න පුළුවන් නමුත් මතක තියාගන්න ඒ දරුවාට කවන හැම බත් ඇටයක්ම පොවන හැම වතුර උගුරක්ම මේ රටේ අහිංසක දෙමවුපියන්ගේ හදවත්වලින් නැගෙන ගින්දර සිදුවිය යුත්තේ මේවට ගොදුරු වෙලා ඉන්න අහිංසක දරුවන්ව ඒවායින් බේරා ගන්නයි. දෙවැනි නිවැරදි කිරීම වෙන්නේ මේවා මේ රටට ගෙන එන දූෂිත පුරවැසියන්ගෙන් අපේ රටේ අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමයි.තුන්වෙනි පියවර වෙන්නේ මේවාට රජය මගින් ලබා දී ඇති මවුබිම මගින් ලබා දී තිබෙන බලතළ හා නිළ ඇඳුම උපයෝගී කරගෙන මේවට සහයෝගය දක්වන සහ මේවායේ ක්‍රියාකාරී සාමාජිකයින් විදියට සැඟවී ක්‍රියා කරන ඒ දුෂ්ට මිනිසුන් අල්ලා ගැනීමයි. ඔය යාන්ත්‍රණ තුනම අපි ක්‍රියාත්මක කරන්න පටන් අරන් තියනවා. පිට ඉන්න සතුරා නෙමෙයි තමන්ගේ ඇතුලේ ඉන්න සතුරා තමයි වඩාත්ම භයානක. මේවා කරන අය නීතිය හමුවට ගේන්න ඉන්න නිල ඇඳුම් අඳින අයත් සමහරෙක් මේකට සම්බන්ධනම් අපි ඒ ගැන ක්‍රියා කරනවා.