by Staff writer 25-06-2020 | 10:11 PM
COLOMBO (News 1st) : ජාත්‍යන්තර බලපෑම් මත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ප්‍රමාද කිරීමට එරෙහිව වෘත්තීය සමිති අද විරෝධය පළ කළේ ය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ග්‍රැන්ටි දොඹකර ස්ථාපිත කර මෙහෙයුම් ආරම්භ කිරීම සදහා පසුගිය ජනවාරි 30 වැනිදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව , පසුගිය 20 වැනිදා ග්‍රැන්ටි දොඹකර 3 ක් මෙරටට රැගෙනවිත් තිබේ.
නමුත් අදටත් ඒවා සවි කිරීම සදහා වරාය අධිකාරිය පියවර ගෙන නොමැති බව වෘත්තීය සමිති පවසයි.
අද පිවිසුම් මාර්ගය අවහිර කරමින් වෘත්තීය සමිති බලකලේ මේ දොඹකර සවිකර නැගෙනහිර පර්යන්තයයේ මෙහෙයුම් වරාය අධිකාරිය විසින් ආරම්භ කරන ලෙසයි.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ සංවිධානය ඊයේ ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබිණ.
එම ලිපියෙන් ඉල්ලා තිබුණේ, සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් පරිදි නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ ස්ථාපිත කරන බවට වූ යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසයි.
ග්‍රැන්ටි දොඹකර ස්ථාපිත නොකර තවමත් නෞකාගත කර තිබීම නිසා දැන් එය කුතුහලයකට තුඩු දෙන කරුණක් බව එම ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වාදී තිබිණ.
https://www.facebook.com/NewsfirstSL/videos/3282210198465649/