by Staff writer 25-06-2020 | 5:31 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය රුපියල් මිලියන 122 ක් වටිනා නීති විරෝධී බීඩි කොළ කන්ටේනර් දෙකක් රේගු භාරයට ගෙන තිබේ.
එහි නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි.
එම සැකකරුගෙන් රඳවා ගෙන ප්‍රශ්න කරන බව ඔහු සඳහන් කළේ ය.
කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටි ලියාපදිංචි සමාගමක් නමට නූල් ගෙන්වන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙම නීති විරෝධී බීඩි කොළ තොගය ආනයනය කර තිබේ.
මෙම බීඩි කොළ තොගය නීත්‍යනුකූල අයුරින් මෙරටට ආනයනය කළේ නම්, රුපියල් මිලියන 100 වැඩි බදු ගෙවීමට සිදුවන බව ද ලාල් වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.
2020 මාර්තු 14 වැනිදා කේප් මෙමෝ නමැති නෞකාවෙන් මේවා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති අතර එම බීඩිකොළ තොගයේ බර කිලෝග්‍රැම් 24000 කි.