by Staff writer 25-06-2020 | 10:15 PM
COLOMBO (News 1st) : පෝට් සිටි හෙවත් කොළඹ වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදී තිබේ.
මෙම වාර්තාවෙන් වරාය නගර ව්‍යාපෘතිය තුළ මෙතෙක් සිදු කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යයනය කොට තවදුරටත් ව්‍යාපෘතිය සාධනීයව ඉදිරියට ගෙන යාමට නිර්දේශ ලබාදී තිබේ.
වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දී ඇත්තේ වරාය නගරය පිළිබඳ ඇති පනතේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අවශ්‍ය කෙටුම්පත් සම්බන්ධයෙන්ද නිර්දේශ ලබාදී ඇති බවයි.
මෙම කමිටුවට ඇතුළත්වූයේ වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ, ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස් ජයවීර සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන්ගෙන් සමන්විත පිරිසකි.
https://www.facebook.com/NewsfirstSL/videos/1610956252409104/