කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2007ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත නාවික සෙබළු 6ක් හඳුනා ගැනෙති

by Sagarika Chathumali 25-06-2020 | 3:49 PM
COLOMBO (News 1st) : අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, එම රෝගීන් සියලු දෙනාම විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගත් නාවික හමුදා සාමාජිකයන් බවයි. ඒ අනුව දැනට තහවුරු කරන ලද රෝගීන් ගණන 2007ක් දක්වා ඉහළ යනු ඇති. ආසාදිතයින් 394 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1602කි.