කරුණා අම්මාන් CIDයට

UPDATE: කරුණා අම්මාන් CIDයෙන් පිටව යයි

by Staff writer 25-06-2020 | 4:56 PM
COLOMBO (News 1st)5.55Pm : අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි කරුණා අම්මාන් ඉන් පිටව ගොස් තිබේ. ප්‍රකාශයක් ලබා දීමට විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට පැමිණියේ ය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ, එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

------------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) – ප්‍රකාශයක් ලබා දීමට විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)හමුවට පැමිණ තිබේ.

ඒ , එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ය. https://youtu.be/JwLqcoHdWaw