''කන්න ඕන වුනාම කඹර ගොයත් තල ගොයා වෙනවා''

''කන්න ඕන වුනාම කඹර ගොයත් තල ගොයා වෙනවා'' - සුනිල් හඳුන්නෙත්ති

by Staff writer 25-06-2020 | 10:25 PM
COLOMBO (News 1st) : බොරු දේශප්‍රේමීන් දේශප්‍රේමය ඇඟේ තවරගෙන දේශප්‍රේමී ජනතාවගේ හැඟීම කොල්ල කමින් සිටින බව ජාතික ජන බලවේගයේ අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. කරුණා අම්මාන් ආණ්ඩුවට ගෙන ඇමතිකම් දෙන විට මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ අතීතය අමතක වූ බව ඔහු වැඩිදුරටත් පැවසී ය. හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පවසන්නේ, කරුණා අම්මාන්ගේ සිද්ධිය හොදට හදපු තිර පිටපතක් බවයි.
''බොරු දේශප්‍රේමීන් දේශප්‍රේමය ඇගේ තවරගෙන ඇත්ත දේශප්‍රේමී ජනතාවගේ හැගීම මංකොල්ල කෑමක් සිද්ධ කරනවා.තමන් කරුණා අම්මාන්ව ආන්ඩුවට අරගෙන ඇමතිකම් දෙනකොටකරුණා අම්මාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකම දෙනකොට සභාපති මහින්ද රාජපක්ෂ මහත්මයාට මතක නෑ ඒ එල් ටී ටී සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායකයා කරුනා අම්මාන් බව. මතක නැතුව නෙමෙයි දන්නවා හොදටම එතාකාට අර කන්න ඕන උනාම කඹර ගොයත් තල ගොයා කරගන්න න්‍යාය තමයි කටයුතු කලේ. කරුනා අම්මාන්ව හුරතල් කරන්නේ නළවන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා.ගොඨාභය මහත්මයා එහෙම නෙමෙයි ඔන්න ගෙනාවා ප්‍රශ්න කලා දඩුවම් දෙනවා කියලා සමහර විට ඔය කරුණා අම්මාන්ව දවසකට දෙකකට කූඩුවට දාන්නත් පුළුවන්.දැන් කරුණා අම්මාන්ව කූඩුවට දැම්මොත් එහෙම ඊළගට කියන්නේ මොකද්ද කතාව.එහේ ජනතාවගේ ඡන්ද ටික නිකම්ම කරුණා අම්මාන්ට බෝනස් වෙලා එනවා.මෙහේ ජනතාවට කියන්න පුළුවන් අපි කරුනා අම්මාන්ව ප්‍රශ්න කරනවා.අත්අඩංගුවට ගන්නවා ප්‍රකාශ නිකුත් කර ගන්නවා.දැන් අපි ඉස්සර වගේ නෙමෙයි කරුනා අම්මාන් අපෙන් ඡන්දය ඉල්ලුවත් අපි සලකන්නේ මෙහෙම තමයි කියලා මෙහේ ජනතාවගේ හැගීමට කතා කරන්න යුද්ධය අතුරු ප්‍රතිළුල හැටියට තියන මාතෘකාවක් බවට පත් කර ගන්න තමයි උත්සාහ කරන්නේ. මේකේ හොදට හදපු තිර පිටපතක් තමයි නැවත මේ ජවනිකා වෙන්නේ''