මන්නාරම ඛනිජ සම්පත ත් රටට අහිමිවීමේ අවදානමක

මන්නාරම ඛනිජ සම්පත ත් රටට අහිමිවීමේ අවදානමක

by Staff writer 25-06-2020 | 10:07 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව ලොව වටිනා ඛනිජ සම්පත් රැසකින් සමන්විත දිවයිනකි. ඉන් මන්නාරම් දූපත් ආතිව ඉල්මනයිට්, රූටයිල්, සර්කොන් හා ගානට් වැනි ඉතා වටිනා ඛනිජ සම්පතක් රටට හිමියි. මේ වටිනා සම්පත රටට අහිමිවීමේ තර්ජනයක් මේවන විට මතුව ඇති තිබේ. ඒ ඔස්ට්‍රෙලියානු සමාගමක් රජයේ නිසි අවසරයකින් තොරව අදාළ ඛනිජ පිළිබඳ ගවේෂණයක් මේ වන විට ආරම්භ කොට තිබීම හේතුවෙනි. මේ වන විට ඔස්ට්‍රේලියානු සමාගමක් වන ටයිටෙනියම් සැන්ඩ් ලිමිටඩ් නම් සමාගමක් මන්නාරම ආහිතව ආදාල ඛනිජ පිළිබඳව ගවේෂණයක් ආරම්භ කර තිබේ. එම සමාගම පවසන්නේ මන්නාරම ආශිතව සමික්ෂණයට ලක්කර ඇති ප්‍රදේශයේ ඉල්මනයිට්, රූටයිල්, සර්කොන් හා ගානට් වැනි ඉතා වටිනා ඛනිජ සම්පත් මෙට්‍රික් ටොන් 265 කට අධික ප්‍රමාණයක් ඇති බවයි. මෙම සොයාගත් ඛණිජ ද්‍රව්‍ය වලින් මෙට්‍රික් ටොන් 93 ක් කැනිම් කොට අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවද අදාල සමාගම ප්‍රකාශ කළා. අදාල ඛනිජ පිළිබඳව ගවේශණය කිරීම සඳහා තමන් මෙරට ඇති මොරිසස් දිවයිනට අයත් සමාගමක් මගින් අවසරයක් ලබාගෙන ඇති බව අදාළ ඔස්ට්‍රෙලියානු සමාගම පවසයි. නමුත් මේ පිළිබඳ අප කළ විමසීමකදී භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය පවසුවේ එවැනි බලපත්‍රයක් තම ආයතනය මගින් ලබා දී නොමැති බවයි.