Update: මහින්දානන්දගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනී

Update: 2011 ලෝක කුසලානයේ පාවාදීම ගැන මහින්දානන්දගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනී

by Staff writer 24-06-2020 | 8:30 PM

COLOMBO (News 1st) -  හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශන ඒකකය අද පෙරවරුවේ ප්‍රකාශ සටහන් කර ගත්තේ ය.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහ තරගය පාවා දුන් බවට ඔහු කළ ප්‍රකාශයට අදාළවයි. මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා මෙම අනාවරණය කළේ, නිවුස් ෆස්ට් නිවුස්ලයින් වැඩසටහනේදී ය. විමර්ශන නිලධාරීන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ඔහුගේ නාවලපිටියේ කාර්යාලයේදී ය. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා
මට ලැබුණු සහ මා සතුව තිබූ තොරතුරු සියල්ල අද මම පොලිස් විමර්ශන ඒකකයට ලබා දුන්නා. මගේ පැමිණිල්ල අද පිටු 6 ක්. ඒ වගේම මේකට අවශ්‍ය කරන ලේඛන 8 ක් අද විමර්ශන ඒකකයට ලබා දුන්නා. මගේ ළඟ තියෙනවා ICC ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට 23 යි දෙසැම්බර් 2018 එවන ලද ලිපිය. ඇලෙක්ස් මාර්ෂල් කියන මත්තයා තමයි ඇන්ටි කරප්ෂන් එකේ ඉන්න ප්‍රධානියා තමයි මේ පැමිණිල්ල කරන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයාට එතුමා කියනවා ලෝකේ ටෙස්ට් ක්‍රීඩා තරග කරන රටවල් අතර වැඩිම පැමිණිලි චෝදනා තරග පාවාදීම් සම්බන්ධයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවට මේ පිළිබඳව දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා. ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට ඔක්තෝබර් මාසේ 30 වැනිදා 2011 මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මම කරන ලද පැමිණිල්ල මම අද පොලිස් විශේෂ ඒකකයට මම ලබා දුන්නා. මම විශ්වාස කරනවා 2011 තරග පාවාදීමක් සිදු වුණාද කියලා. මම මේකේ කරුණු එකින් එක කියන්නේ නෑ. මම කරුණු කාරණා 24 ක් පිටු 9 දී සඳහන් කරලා තිබෙනවා. මේ තරගාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වෙන කාරණා 24 ක්. මට කියන්න තියෙන්නේ මම 2011 ලෝක කුසලානයට සහභාගී වුණා මම තරගය නීරීක්ෂණය කළා. මට පෞද්ගලිකව සැක හිතුණා මට මේ පිළිබඳ තොරතුරු ලැබුණා. මම මේ පිළිබඳව ICC දැනුම් දුන්නා මම මේකට අවශ්‍ය නීතී රීති රටේ හැදුවා. ජනතාවගේ අවධානය යොමු වෙන්න මේක නවත්වන්න තිත තියන්න ඕනේ නිසා තමයි මෙවැනි ප්‍රකාශයක් කළේ. අපි මීට පස්සේ කතා නොකර ඉමු. මේ පිළිබඳ මත නොකර ඉමු මම කියන්නේ නෑ මම කණගාටු වෙනවා. මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නෑ කියලා පැහැදිලි කරලා තිබෙද්දීත් ඇතැම් ක්‍රීඩකයන් මේ පිළිබඳ මත ප්‍රකාශ කරලා තිබුණා. මට මේ ලිපිය හම්බවුණේ සුමාන 2කට කලින් ඔබ දැක්කා මේ ලිපිය ප්‍රයිවෙට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් ඒ නිසා මේක අමාත්‍යාංශයේ තිබිච්ච ලිපියක් . මට ලිපිය හම්බ වුණාට පස්සේ තමයි මට මේක කියන්න පුලුවන් වුණේ. එතකන් මට කියන්න හම්බ වුණේ නැහැ. අපි ජනාධිපතිතුමාගෙන් ඒ වගේම ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ මාස 3 ක් ඇතුළත් මේ පරීක්ෂණය දාලා අපිට වාර්තාවක් ලබා දෙන්න කියන එක .
මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදහස් පළ කළේ ය. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා
මම අවංකව කියන්නට ඕනේ මම පෞද්ගලිකව එවැනි තරග පාවාදීමක් 2011සිද්ධ වුණා කියලා කිසිදු සාක්ෂියක් නෑ. නමුත් මෙම ප්‍රශ්නය සමාජගත කළේ මගේ හිත මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා. එවකට ක්‍රීඩා ඇමතිතුමා. අර්ජුන රණතුංග හිටපු නායකයා හිටපු ඇමතිතුමා පවා මේ පිළිබඳව යම් ප්‍රශ්නාර්ථයක් මතු කරලා තිබුණා. ඒ නිසා අපේ වගකීම තමයි ක්‍රීඩා අමාත්‍යාංශය විදිහට ඒ පිළිබඳ පරීක්ෂා කරන්න කියලා අප විසින්ම පිහිටවපු ඇන්ටි කරප්ශන් යුනිට් එකක් අපි ලංකාවේ පිහිටෙව්වා. මම ක්‍රීඩා ඇමතිවරයා වුණායින් පස්සේ. ජාත්‍යන්තර කවුන්සිලයට සමගාමීව ඔවුන්ගේ ඒකකයක් විදිහට අපි ඔවුන්ට පවරලා තිබෙනවා. මීට දවස් 5 කට පෙර මේ පිළිබඳ පරීක්ෂා කරන්න කියලා මේ චෝදනාව බරපතල චෝදනාවක්. එතුමා සන්තකයේ සමහර තොරතුරු ඇතී. ඒ නිසා ඒක විභාග කරන එක ඇමතිවරයා විදිහට අපේ යුතුකමක් වගකීමක්.

https://www.facebook.com/NewsfirstSL/videos/3077188475728101/

--------------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) (8.05 am) - හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටී.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය පවාදුන් බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙනි. තරග පාවාදීම් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පසුගියදා සිදු කරනු ලැබූ ප්‍රකාශය... https://www.youtube.com/watch?v=tAKVfWO78HU&feature=youtu.be