මද්දකට හසුව බේරාගත් කොටි පැටවා පරිසරයට මුදා හරී

Update: පුස්සැල්ලාවේදී මද්දකට හසුව බේරාගත් කොටි පැටවා පරිසරයට මුදා හරී

by Staff writer 24-06-2020 | 10:27 AM

COLOMBO (News 1st) - පුස්සැල්ලාව, හෙල්බොඩ වත්තුයායේ මද්දකට හසුව සිටියදී බේරාගත් කොටි පැටවා ස්වභාවික පරිසරයට මුදා හැර තිබේ.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතා පැවසුවේ, නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබා ගත් නියෝගයක් අනුව එම කොටි පැටවා මුදා හැරි බවයි. එම සත්ත්වයා යහපත් තත්ත්වයක සිටීම හා හේතුවෙන් මෙම පියවර ගත් බව ද ඔහු පැවසුවේ ය. වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, පැටවා මුදාහැරි ප්‍රදේශය සම්බන්ධයෙන් අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බවය. පුස්සැල්ලාව, හෙල්බොඩ වතුයායේ මද්දකට හසුව සිටියදී මෙම කොටි පැටවා ඊයේ බේරා ගැනිණි. එහිදී මද්දට හසු වූ කොටි දේනුව මිය ගියාය. මිය ගිය කොටි දේනුවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.