MCC සමාලෝචනය කිරීමේ කමි‍ටු වාර්තාව අගමැතිට

MCC සමාලෝචනය කිරීමේ කමි‍ටුවේ අවසන් වාර්තාව අගමැති වෙත

by Staff writer 24-06-2020 | 10:00 PM

COLOMBO (News 1st) – MCC සමාලෝචනය කිරීමේ කමි‍ටුවේ අවසන් වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේ ය.

ඒ, අදාළ ගිවිසුම පිළිබඳව එම කමිටුව මාස 06ක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි. විවිධ ක්ෂේත්‍රවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ. හෙට මෙම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර නිර්දේශ ද සහිත කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ ය. අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම කමිටුව පත්කළ අතර එහි සභාපති ධුරය හෙබවූයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ය. MCC ගිවිසුම ගැන තවමත් පවතින්නේ විවාදාත්මක තත්ත්වයකි. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය
දැන් මේ MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා රජය තරයේ ප්‍රකාශ කරනවා. හැබැයි MCC කාර්යාලය තවමත් දෙහිවල තියනවා. මේක අයින් කරගෙන යන්න කියලා රජය බල කිරීමක් කරන්නේ නැද්ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා
රජය ඒකට නිසි තීන්දුවක් අරගෙන තියනවා. ඉදිරි කාලයේදී ඒ ගන්න ඕන ක්‍රියාමාර්ග ටික ගනී. මේ මැතිවරණයක් අස්සේ කොරෝනා අස්සේ අපිට තියන කාර්යාල වහන්න දෙයක් නෑනේ කොහොමත් වැහිලානේ තියෙන්නේ කොරෝනා හින්දා. ආයේ අමුතුවෙන් වැහෙන්න දෙයක් නෑ. කොරෝනා හින්දා පහුගිය මාස 3ම වැඩ කරේ නෑ කොහෙවත්. ඒ හින්දා ඉදිරි කාලයේදී ආණ්ඩුවක් විදියට ඒ තීරණය අරගෙන තියනවා. ඒක ප්‍රකාශයට පත් කරලා අවශ්‍ය කාරණා ටික ක්‍රියාත්මක කරයි.