"සති 7කින් සමාජයෙන් කොරෝනා රෝගියෙක් හමුවී නැහැ"

"සති 7 කින් සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙක් හමුවී නැහැ" - විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන

by Staff writer 24-06-2020 | 12:34 PM

COLOMBO (News 1st) - සති හතකින් සමාජයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, දැනට රෝගීන් වාර්තා වන්නේ විදේශගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයින් අතරින් පමණක් බවය. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජය තවදුරටත් සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතු බව ද ඇය අවධාරණය කළා ය.