COLOMBO (News 1st) – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රැස්වීම් කිහිපයක්ම ඊයේ කොළඹදී පැවැත්විය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා
පහුගිය මාස කිහිපය තුළ ආණ්ඩුව උපරිමයෙන්ම සල්ලි අච්චු ගහලා. හැබැයි මොනවාට ඒ සල්ලි වෙන් කරාද කියන එක කවුරුත් දන්නේ නෑ. මම අහන්න කැමතියි රජයෙන් මෙච්චර විශාල මුදලක් අච්චු ගැහුවා නම් ඇයි මේ රටේ හැම පවුලකටම අපි කියන ආකාරයට අර 20,000 සහනය ලබා නොදෙන්නේ මසකට. තමුන්නාන්සේලාට මේ 5000ත් ලැබුනේ අපි කෑගහපු හින්දා. බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි ජනතාවට සේවය කරනවා. ආගම් භේදය අතුගාලා දමලා අන්තවාදය අතුගාලා දමලා සහෝදරත්වය ජයග්‍රහණය කරන ඒකීය ශ්‍රී ලංකාවක් අපි බිහි කරනවා.
මෝදර පැවති මෙම රැස්වීමට සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමට පෙර රාත්‍රී 8.15 ට පමණ විදුලිය විසන්ධි විය.
සමගි ජන බලවේගයේ අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
කවුද මන්දා ලයිට් කැපුවා. ලයිට් කැපුවාද ගියාද කියලා මං දන්නේ නෑ. සජිත් මහත්තයා ගැන කතා කරද්දී මේ මුලු ප්‍රදේශයම අඳුරු වුණා.
මේ අතර තොටළඟ පන්සල් වත්තේ පැවති පාක්ෂික හමුව ආරම්භ වනවිට එම ප්‍රදේශයේත් විදුලිය විසන්ධි වී තිබුණි.