by Staff writer 24-06-2020 | 7:57 PM
COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ප්‍රහාර එල්ල කළේ, ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට බව ප්‍රසන්න රණවීර මහතා පවසයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ප්‍රසන්න රණවීර අද NEWSLINE වැඩසටහනට එක්වෙමින් පැවසුවේ, එහෙයියන් සේ අත් ඉස්සීමට ජනතාව තමන් පාර්ලිමේන්තුවට එවා නොමැති බවයි.
මේ අතර මෙවර මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය තුළ තමා දෙවනි වන්නේ, ප්‍රසන්න රණතුංගට පමණක් බව ද ඔහු එහිදී පැවසී ය.
හමුදා සෙබළුන් ඝාතනය කළ බවට කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශය ඔහු එහිදී හෙළා දකිමින් අදහස් පළ කළේ ය.
රණවීර මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, රජය MCC ගිවිසුම අත්සන් නොකරන බවයි.