by Staff writer 24-06-2020 | 10:32 PM
COLOMBO (News 1st) – සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට අදාළව අද පැවැත්වීමට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අවලංගු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා සහ හඳුනා ගැනීමේ පෙරට්ටුවට සාක්ෂිකරුවන් ලෙස කැඳවා තිබූ බාල වයස්කාර ළමුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා දැක්වූ විරෝධය මහේස්ත්‍රාත්වරයා අද පිළි ගත්තේ ය.
හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 21 වැනිදා ප්‍රහාර එල්ල කළ මුස්ලිම් අන්තවාදී සංවිධායක මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ය.