COLOMBO (News 1st) – ගලේවෙල, අළුත්වැව ගම්මානයේ සුනඛයින් 10 දෙනෙකු පමණ හිටි හැටියේ මියගොස් තිබේ.
ගම්මානයේ නිවෙස් කිහිපයක ඇති දැඩි කළ සුනඛයින් අද පෙරවරුවේ සිට මෙලෙස මියගොස් ඇති බව ගම්වැසියන් පැවසුවේ ය.
විෂක් ශරීර ගතවීමෙන් මෙය සිදුවන්නට ඇති බවට සැක පල කරන ගම්වාසීන් ප්‍රකාශ කර ඇත්තේ, මුඛයෙන් රුධිරය වහනය වෙමින් මෙම සුනඛයින් ගම්මානයේ විවිධ ස්ථානවල මියගොස් සිටි බවයි.
මේ සම්බන්ධයෙන් ගම්වැසියන් පල කළ අදහස්
මම මොනද තරමක් දුක් වින්ඳද බලු පැටියා වෙනුවෙන්
අපි මෙහේ ඇවිල්ලා බලනකොට සේරම බල්ලෝ ටික මැරිලා
පාරේ වැටිලා ඉන්නවා කියලා පණිවිඩ ආවා. බල්ලෝ දෙන්නා. එක බල්ලෙක් මෙතන වැටිලා හිටියා. අනිත් එක්කෙනා අර කඩේ ළඟ පාරේ වැටිලා හිටියා. ඇස්වලින් කන්වලින් ලේ වගේ මතුවෙනවා දැන්
අප වාර්තාකරු පැවසුවේ මෙලෙස හදිසියේ සුනඛයින් රැසක් එකවර මියයාමට හේතුව තවමත් හෙළිව නොමැති බවයි.
හෙට පොලීසියට පැමිණෙන්නැයි ගම්වැසියන්ට දැනුම් දී ඇති බව ඔහු සඳහන් කළේ ය.
https://youtu.be/aecH5r9-zSs