කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක්

කරුණාගේ ප්‍රකාශය විමර්ශනයට CID කණ්ඩායමක් - ඔවුන් නැගෙනහිරට යයි

by Staff writer 24-06-2020 | 7:47 PM

COLOMBO (News 1st) – කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, එම කණ්ඩායම නැගෙනහිර පළාතට ගොස් සාක්ෂි රැස් කිරීම ආරම්භ කර ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා
සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ශන කණ්ඩායම දැනට විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ප්‍රකාශ ගණනාවක් සටහන් කර ගැනීමට නියමිතයි. ඒ වගේම මේ ප්‍රකාශය කරපු ස්ථානයට අදාළව යම් නෛතික අවශ්‍යතාවයන්ට අනුව තොරතුරු ගණනාවක් රැස් කිරීමට නියමිතයි. ඒ වගේම මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර හැකි තොරතුරු මේ විමර්ශන කණ්ඩායම් විසින් ලබාගැනීමෙන් පසු ඊට අදාළව කරුණා අම්මාන් මහතාගේ ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී කටයුතු කරනු ඇති.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි කරුණා අම්මාන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමක් කර තිබුණි. පොලීසිය සඳහන් කළේ, අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට ඊයේ දිනයේ ඒ සඳහා පැමිණිමට නොහැකි බව දැනුම්දී තිබූ බවයි. මේ අතර, සිවිල් ක්‍රියාකාරීන් හා දේශපාලන නියෝජිතයින් අද පොලිස් මූලස්ථානයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළේ ය. සුරකිමු දේශය ජාතික සන්ධානයේ සභාපති නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා
ඔහු ස්වයං පිළිගැනීමක් කරනවා අපරාධයක් සම්බන්ධයෙන් Admission of guiltying public මේ කාරණාව ප්‍රමාණවත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 290 වැනි වගන්තිය අත්අඩංගුවට ගන්න. මේ රටේ සාමාන්‍ය ජනතාවට එක නීතියක්.මේ ප්‍රනාශය මම කරා නම් මේ ප්‍රකාශය ගමේ ඉන්න සාමාන්‍ය පුද්ගලයෙක් කරා නම් එක්කන් ඇවිල්ලා එල්ලලා පහර දීලා. පහුවෙනිදා උසාවි ඉදිරිපත් කරනවා. මේ ලංකාවේ දැනට අපිට විශ්වාස මේ රටේ ජනාධිපතිතුමනි ඔබතුමා මේකට මැදිහත් වෙලා සෘජුව මේ තැනැත්තාව වහාම ඉදිරිපත් කරන්න නීතීය හමුවට.
ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි
ඇයි මේ තරම් නීතියට බය? කරුණාකරලා කරුණා අම්මාන් ආරක්ෂා කරන්නේ කව්ද කියලා වහාම රටේ ජනතාවට පෙන්නන්න. නැත්තන් මේ රට විනාශ වෙනවා තව.
අදත් රටේ ස්ථාන කිහිපයකම කරුණා අම්මාන්ගේ ප්‍රකාශය හෙළා දකිමින් විරෝධතා පැවැත්වුණි. අනුරාධපුර පැවති විරෝධතාවට එක්ව සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද අදහස් දැක්වීය. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක මර්වින් සිල්වා මහතා
මම ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා. ආණ්ඩුව කරන්නේ හමුදාවේ හිටපු නිලධාරියෙක්. ගෝඨාභය රාජපක්ෂ. එයත් රුහුණේ මාත් රුහුණේ. උඹලට ශක්තිය තියෙනවා නම් කරුණා අම්මාන් කියන්නේ මිනිමරුවා ගනිව් හිර භාරයට.
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ද ප්‍රතිචාර දැක්වූයේ ය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි 
මේ රටේ නීතිය යුක්තිය ඉෂ්ඨ වෙනවා සාධරණත්වය ඉෂ්ඨ වෙනවා කියලා අපිට පෙන්නන්න ඕන. ඒක පුද්ගලයෙක් නිසා යටපත් කරන්න දෙන්න පුලුවන්කමක් නෑ. ඔහු වැරදි නම් ඔහුට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා උසාවියට දාන්න ඕන. යුක්තිය කාටත් ඉෂ්ඨ වෙන්න ඕන. ඒක මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩුව බලයට පත්කරෙත් ඒ සඳහා. අපි ඒක දිහා හොඳට ඇහැ ඇරලා බලන් ඉන්න බව මේආණ්ඩුවට මතක් කරන්න ඕන. පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ප්‍රශ්නය අතට අරගෙන ක්‍රියා කරන්න ඕන. ඒ ගොල්ගොන්ගේ යුතුකම. ඒ ගොල්ගොන්ගේ වගකීම. ඒ ගොල්ලෝ බැඳී සිටින්නේ ඒකට. ඒක දියාරු කරලා අරින්න ඉඩ දෙන්න බෑ.
ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි
ඔහු අරන්තලා භික්ෂු ඝාතනයට සම්බන්ධ බව කවුරුත් දන්නවා ඔහු ශ්‍රී මහා බෝධියේ ප්‍රහාරයට සම්බන්ධයි කියලා දන්නවා දළඳා මාළිගාව ප්‍රහාරයට ඔහු සම්බන්ධයි කියලා හැමෝම දන්නවා අලිමංකඩ ප්‍රහාරයට සම්බන්ධයි කියලා දන්නවා ඔහොම කියන ආකාරයට අර කියන කිලිනොච්චිය ආදි ප්‍රදේශවල හමුදාව ඝාතනය කරා කියන එවැනි ප්‍රහාරයන් සම්බන්ධව දන්නවා. ආණ්ඩුවත් හොදට දන්නවා. නොදන්න කෙනෙක් නෑ බබාලා තමයි නොදන්නේ. එහෙම කෙනා සම්බන්ධව පොදුජන පෙරමුණ මොකද කියන්නේ? අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොකද කියන්නේ?.