.webp)
''කරුණා භාර වුණාට යුද්ධයට සත පහකවත් ප්‍රයෝජනයක් වුණේ නැහැ''
''කරුණා භාර වූණාට
LTTEයට
භක්තිය තිබුණා ''
''කරුණා ත්‍රස්තවදී මානසිකත්වයෙන් ගැලවිලා නැහැ ''
''කරුණාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතුයි..'' - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
COLOMBO (News 1st) : කරුණා අම්මාන්ගෙන් යුද්ධයට කිසිදු ආකාරයේ ප්‍රයෝජනයක් නොලැබුණු බව සමගි ජන බලවේගයේ අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේ, මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති පසුගිය දා කරුණා අම්මාන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ය. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තවදුරටත් ත්‍රස්තවදී මානසිකත්වයෙන් ගැලවී නැති කරුණා අම්මාන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. ඇතැම් ත්‍රස්තවාදීන් හමුදාවට භාර වී රජයට සහය දුන්න ද වයස අවුරුදු 13ට අඩු ළමයින් 80ක් ද ඇතුළු 150 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග හමුදාවට භාරවූ කරුණා අම්මාන් ත්‍රස්තවාදීන් පිළිබඳ කිසිදු තොරතුරක් හමුදාවට ලබා නොදුන් බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.