විදේශීය වැඩසටහන් විකාශය කිරීම ගැන ජනපති කතා කරයි

විදේශීය වැඩසටහන් විකාශයට තෝරා ගැනීමේදී විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි - ජනපති

by Chathuranga Rajapaksha 23-06-2020 | 7:12 PM
COLOMBO (News 1st): විදේශීය වැඩසටහන් විකාශය සඳහා තෝරා ගැනීමේදී අනුගමනය කළ යුතු විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඒ, අද ජනාධිපති කාර්යාලයේ පැවැති ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි. දේශීයත්වය සහ සංස්කෘතික හර පද්ධතිය සුරකින හරවත් මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. තම ප්‍රතිපත්තිය හුවා දැක්වීම නොව තම රජය ඉටුකරමින් සිටින ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් දර්ශනය ජනතාව වෙත රැගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.