''මැච් එක පාවා දුන්න නම්, පවා දුන්නෙ රාජ්‍යතාන්ත්‍රික පාවා දීමක්'' - විජයමුණි සොයිසා

by Staff writer 23-06-2020 | 6:20 PM
COLOMBO (News 1st) : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගය පවා දුන් බවට එල්ල වන චෝදනා තවදුරටත් දේශපාලන වේදිකාව උණුසුම් කරමින් පවතී. අද මාධ්‍ය අමතමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක විජිත් විජියමුණි සොයිසා මහතා පැවසුවේ, තරගය පවා දුන්නේ නම්, එය රාජ්‍ය තාන්ත්‍රික පාවාදීමක් බවයි. ඒ පිළිබඳ යම් යම් අවස්ථාවල අසන්නට ලැබුණු බව පැවසූ සොයිසා මහතා ඉල්ලා සිටියේ, ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් වැඩිදුර දේ නොවිමසන ලෙසයි. එදා එවැනි තරග පාවා දීමක් සිදු වූයේ, නම් ඊට ක්‍රීඩා ඇමති ලෙස මහින්දානන්ද අලුත්ගමගේ වගකිව යුතු බවත් මෙතරම් කාලයක් ඔහු නිදි වර්ජිතව සිටියේ මන්දැයි, ඔහු විමසා සිටියේ ය. තවදුරත් අදහස් දක්වමින් සොයිසා මහතා පැවසුවේ, හෝමාගම ක්‍රීඩා පිටිය ඉදිකිරීමට විරුද්ධ වීම නිසා මෙය ක්‍රීඩකයින්ට පහර දීමේ අරමුණිනින් එල්ල කර චෝදනාවක් බැවින් ක්‍රීඩකයින්ට චෝදනා කිරීමෙන් වළකින ලෙසයි.