මාතර ප්‍රදේශ කිහිපයකට අද අඩු පීඩනයකින් ජලය

මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් අඩු පීඩනයක් යටතේ ජලය

by Staff writer 23-06-2020 | 7:00 AM

COLOMBO (News 1st): මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට පස්වරු 5 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව, මාතර, ගබඩා වීදිය, හක්මන පාර, වේරගම්පිටිය, උයන්වත්ත සහ පිලදව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කරන බවයි. මාතර - හක්මන මාර්ගයේ පුළුල් කිරීමේ කටයුතුවලට සමගාමීව නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අඩු පීඩනයක් යටතේ නිකුත් කෙරෙන බව ද ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ ය.