මද්දකට කොටි දෙදෙනෙකු හසුවෙයි: එක් කොටියෙකු මරුට

පුස්සැල්ලාවේදී මද්දකට කොටි දෙදෙනෙකු හසුවෙයි: එක් කොටියෙකු මරුට

by Staff writer 23-06-2020 | 12:29 PM

COLOMBO (News 1st): මාස තුනක් තුළ සිදුවූ 5 වැනි කොටි මරණය අද පුස්සැල්ලාවෙන් වාර්තා විය.

පුස්සැල්ලාව හෙල්බොඩ වතුයායේ මද්දකට අද කොටියන් දෙන්නෙකු හසුවී තිබිණ. මෙය මුලින් ම දැක තිබුණේ, වත්තේ වැඩ ගොස් සිටි කම්කරුවන් කිප දෙනෙකි. මේ ගැන ඔවුන් වනජීවී නිලධාරීන්ට දැනුම් දුන්නේ ය. අප වාර්තාකරු පැවසුවේ, ඒ වනවිටත් එක් කොටියෙකු මිය ගොස් සිටි බවයි. මේ අයුරින් මිය ගියේ කොටි දෙනක් බව වනජීවි දෙපාර්තමේන්තුව තහවුරු කළේ ය. අනික් කොටියා මද්දෙන් ගලවාගන්න වනජීවී නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුව තිබිණ. මද්දෙන් බේරගත්ත කොටියා ප්‍රථිකාර සඳහා නුවරඑළියට රැගෙන ගොස් තිබිණ. පසුගිය මාස තුනේ දුර්ලභ කළු කොටියා ඇතුළුව කොටි 4 ක් ජීවිතක්ෂයට පත් වූහ. https://www.facebook.com/NewsfirstSL/videos/847055402368660/