by Staff writer 23-06-2020 | 5:46 PM
COLOMBO (News 1st) - පට්ටිපොළ හා අඹේවෙල දුම්රිය ස්ථාන අතර 138 සැතපුම් කණුව අසළදී අද පස්වරුවේ දුම්රියක් පීලි පැන තිබේ.
එම දුම්රිය අද පෙරවරු 10.15ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කර තිබූ බව සඳහන් ය.
අප වාර්තාකරු පැවසුවේ, පීලි පැනීම සිදු වූ මෙම ස්ථානයේම මීට දින දෙකකට පෙර ද මේ අයුරින්ම දුම්රිය පීලි පැනීමක් සිදු වූ බවය.
දුම්රියේ නැරඹුම් මැදිරිය එලෙස පීලි පැනීමට ලක් වී ඇති අතර පීලි පැනීමට ලක් වූ මැදිරිය එම ස්ථානයේ නවතා දුම්රිය කොළඹ කොටුව දක්වා පිටත්ව තිබේ.
මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය අඹේවෙල දුම්රිය ස්ථානය දක්වා සීමා වී ඇතැයි අප වාර්තාකරු පැවසුවේ ය.
ඒ අනුව කොළඹ සිට බදුල්ල බලා පැමිණි පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ මගීන්ට අබේවෙල දුම්රිය ස්ථානයනට බැස යාමට සිදු විය.
අනතුරුව බස් රථ ඔස්සේ ඔවුන් පට්ටිපොළ දුම්රිය ස්ථානයට පිටත් කරවීමට කටයුතු යොදා තිබුණි.
https://www.facebook.com/NewsfirstSL/videos/568347220740705/