COLOMBO (News 1st) 10.15Pm : නව ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අමෙරිකාවේ සිට පැමිණි පුද්ගලයින් අතරින් එම ආසාදිතයින් 11 දෙනා වාර්තා වන බවයි.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම ආසාදිතයින් සියලු දෙනා වාර්තා වී ඇත්තේ, මුම්බායි සිට පැමිණි වෙළෙඳ නාවිකයන් අතරිනි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1980 දක්වා ඉහළ යනු ඇති.
මේ අතර සුවය ලැබූ ආසාදිතයින් 22 දෙනෙකු අද දිනයේ නිවෙස් බලා පිටත්ව යාමත් සමග සුව වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,548 දක්වා ඉහළ ගොස් තිබේ.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 421කි.
