STF මෙහෙයුමට කොටු වූ විදේශිකයින් කළ ජාවාරම්

ගල්කිස්සේදී STF මෙහෙයුමට කොටු වූ විදේශිකයින් ගැන තවත් තතු හෙළිවෙයි

by Staff writer 23-06-2020 | 4:07 PM
COLOMBO (News 1st) :  ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් නයිජිරියානු ජාතිකයින් තිදෙනා සහ උගණ්ඩා ජාතික කාන්තාව රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, Facebook හා WhatsApp හරහා එම ජාවාරම සිදු කර ඇති බවයි. ඔවුන් සතුව තිබී ක්‍රෙඩිට්කාඩ්පත් 15 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයින්ගේ නම්වලට ගිණුම් සකස් කර මුදල් වංචා කර ඇති බවයි. අත්අඩංගුවට ගත් නයිජිරියානු ජාතිකයින් තිදෙනා වීසා බලපත් නොමැතිව මෙරට රැඳී සිට තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, මොවුන් මීට පෙර 2017 වසරේදී මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවයි.