පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 10කට ත් කොරෝනා

සංචාරය අතළඟ... පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 10කට ත් කොරෝනා

by Sagarika Chathumali 23-06-2020 | 8:10 PM
COLOMBO (News 1st) : පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ මින් ඉහත වාර්තාවූ ක්‍රීඩකයින් තිදෙනාට අමතරව තවත් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි, පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ෆකාර් සමන්, මොහොමඩ් රිස්වාන්, වහබ් රියාස්, ඉම්රාන් ඛාන්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නේන් සහ කෂිෆ් භට්ටි යන ක්‍රීඩකයින් 7 දෙනාට මෙලෙස ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බවයි. මීට පෙර ෂඩාබ් ඛාන්, හරිස් රවුෆ් සහ හයිදර් අලි යන ක්‍රීඩකයින් තිදෙනාට සහ කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාට ද වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු විය. මෙලෙස ක්‍රීඩකයින්ට වෛසරය ආසාදනය වී ඇත්තේ, ලබන අගෝස්තු මාසයේ එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලියට සහභාගී වීම සඳහා පකිස්ථාන කණ්ඩායම එළෙඹෙන ඉරිදා එංගලන්තය බලා පිටත්ව යාමට සූදානමින් පසුවන වටපිටාවකදී වීම විශේෂත්වයකි. මෙලෙස ක්‍රීඩකයින්ට වෛරසය ආසාදනය වුව ද සැලසුම් කළ පරිදි එංගලන්ත තරගය සංචාරයට සහභාගී වන බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් කාන් පවසා තිබේ. පාකිස්ථානය තුළ මේ වනවිට කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ආසාදිතයින් 185,034 වාර්තා වන අතර එරෙටින් වාර්තා වන මරණ සංඛ්‍යාව  3,695කි.