මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් අඩු පීඩනයක් යටතේ ජලය

මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් අඩු පීඩනයක් යටතේ ජලය

මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් අඩු පීඩනයක් යටතේ ජලය

කර්තෘ Staff writer

23 Jun, 2020 | 7:00 am

COLOMBO (News 1st): මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට පස්වරු 5 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව, මාතර, ගබඩා වීදිය, හක්මන පාර, වේරගම්පිටිය, උයන්වත්ත සහ පිලදව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කරන බවයි.

මාතර – හක්මන මාර්ගයේ පුළුල් කිරීමේ කටයුතුවලට සමගාමීව නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අඩු පීඩනයක් යටතේ නිකුත් කෙරෙන බව ද ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]