The Voice Teens ඊළඟට මොකද වෙන්නේ

The Voice Teens ඊළඟට මොකද වෙන්නේ

by Staff writer 22-06-2020 | 7:24 PM

COLOMBO (News 1st) :  මේ වනවිට රටම කතා කරන ජනප්‍රියම රියැලිටි වැඩසටහන බවට වොයිස් ටීන්ස් ශ්‍රී ලංකා (The Voice Teens) වැඩසටහන පත්ව තිබේ.

රූපවාහිනිය තුළ පමණක් නොවෙයි, සියලු සමාජ ජාල තුළ ද අංක එකේ වැඩසටහන බවට පත්ව ඇත්තේ වොයිස් ටීන්ස් ශ්‍රී ලංකා වැඩසටහනයි. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට රියලිටි කලාව හඳුන්වා දුන්නේ සිරස TV නාලිකාවයි. අද හැම නාලිකාවක්ම වගේ රියැලිටි කළත් අදටත් රියලිටි තරගාවලියේ සිරස, සිරසම තමයි. ඒ බව නැවත නැවතත් තහවුරු කරමින් සිරස තැනූ Voice Teens ජාත්‍යන්තර වේදිකාවෙන් නැගුණු තරුණ හඬවල් මේ වනවිටත් අප රටේ පමණක් නොව මුළු ලෝකයේම ජන හදවත් තුළ විරාජමාන වී හමාර ය. මේ අපේ දරුවෝ. මේ අපේ අනාගතය. තවත් සරලව කිව්වොත් මේ තමයි ඊළඟ පරම්පරාවේ නිර්මාණකරුවෝ. සමාජ මාධ්‍යයේ ට්‍රෙන්ඩ් හදමින් රසික හදවත් අමන්දානන්දයට පත් කරමින් ඔවුන් මේ ප්‍රදර්ශනය කරන්නේ හෙට දවසේ කල එළි දකින නව නිර්මාණවල උසස් ප්‍රමිතිය මිස අන් කිසිවක් නොවෙයි. අද මුළු රටම එකම එක ප්‍රේක්ෂකාගාරයකි. රස විඳිනු රිසි සියල්ලන්ටම The Voice Teens මාතෘකාවකි .ඒ හැමෝටම තියෙන්නෙ එකම එක ප්‍රශ්නයයි .

ඊළඟට මොකද වෙන්නේ.

ඒ ප්‍රශ්නෙට තියෙන්නෙ සරල උත්තරයක්. අපි ඔවුන්ව රස විඳිමින් , ඔවුන්ට දිරි දෙමින් ඇසි පිය නොහෙලා අපි බලාගෙන ඉමු . තිගැස්සෙන බොහෝ දෑ තව දුරටත් සිදුවීමට නියමිත ය.