MCC අත්සන් නොකරන බවට දිවුරුම් ප්‍රකාශ දෙන්න

MCC අත්සන් නොකරන බවට දිවුරුම් ප්‍රකාශ දෙන්න - සජිත්ගෙන් අභියෝගයක්

by Staff writer 22-06-2020 | 10:08 PM

COLOMBO (News 1st) : තමා බලයට පත්වුවහොත් නිසැකවම MCC ගිවිසුම අත්සන් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා
මම ප්‍රකාශ කරා පැහැදිලිවම MCC ගිවිසුම අත්සන් කරන්නේ නැතෙයි කියන දිව්රුම් ප්‍රකාශයක් රජයේ බලධාරීන් ජනතාව අත තබන්න ඕනේ කියන කාරණාව. මම මේ අවස්ථාවේ ලෑස්ති මොනම ආකාරයකින්වත් MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැතෙයි කියන වැඩසටහන පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්න. මම හිතනවා ජනතා විශ්වාසය තහවුරු කරන්නට නම් රජයත් එලෙස කටයුතු කරන්නට ඕනේ. පහුගිය දිනවල අමෙරිකාවට යවපු පණිවිඩය. තව ටික කාලයක් දැන් MCC ගිවිසුම අනුමත කිරීම පිළිබඳ විධිවිධාන යොදන්න කියන පණිවුඩය මුළු රටම දන්න කාරණාව. මුලු රටම මේ බොරුව පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්නේ. තවදුරටත් තමුන්නාන්සේලා ලබපු ජනවරම කෙලෙසන්නේ නැතුව. ඔබලා ලෑස්ති ද දිවුරුම් ප්‍රකාශයක් හරහා ඔබලාගේ සත්‍ය ස්ථාවරය ඇති තතු රටේ ජනතාව ඉදිරියේ තබන්න. ඔබලා ලෑස්ති නම් කවදද ඒ දේ කරන්නේ? ඒ දේ කරන්නේ නොමැති නම් ඒ මක් නිසාද? රටේ ජනතාව බලන් ඉන්නවා පැහැදිලි පිළිතුරක් ලැබෙනකන්.