2011 Final මැච් එක වික්ක කතාවට ICC යෙන් ප්‍රතිචාර

2011 Final මැච් එක වික්ක කතාවට ICC යෙන් ප්‍රතිචාර

by Staff writer 22-06-2020 | 9:59 PM

COLOMBO (News 1st) : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවාදුන් බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අද ප්‍රකාශ කළේ ය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ස්පෝර්ට්ස් ෆස්ට් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් අද විමසීමක් කළේ ය. ඊට පිළිතුරු ලබාදෙමින් එහි ඉහළ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, අදාළ ප්‍රකාශය සිදු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බවයි. පරීක්ෂණයක් ආරම්භ කිරීමට තරම් වැදගත් වන කරුණක් තිබේද යන්න පිළිබඳව තමන් විමසා බලන බව ඔහු සඳහන් කර තිබේ.