මෛත්‍රීපාලටත් අපේක්ෂකත්වය දිය යුතු නැහැ

මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් අපේක්ෂකත්වය දිය යුතු නැහැ - ප්‍රසන්න රණතුංග

by Staff writer 22-06-2020 | 9:06 PM

COLOMBO (News 1st) : අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වගකියන්න සිදු වුවහොත් එහි කොටස්කරුවන් බවට ඔවුන්ද පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති පාක්ෂික හමුවකදීය. රණතුංග මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග අපට ගැටලුවක් නොමැති බවත් නමුත් යහපාලන ආණ්ඩුවේ ජනාධිපති සමග ගැටලුවක් පවතින බවය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද පොහොට්ටුවේ අපේක්ෂකත්වය නොදිය යුතු බව තම පෞද්ගලික මතය බව ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය. https://youtu.be/i8uHbyx09oE