by Staff writer 22-06-2020 | 5:50 PM
COLOMBO (News 1st) – නීති විරෝධී ලෙස අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ නඩුවෙන් විත්තිකරුවන් 4 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේ ය.
මෙලෙස නිදොස් කොට නිදහස් කෙරුණේ වනජීවි දෙපාර්තමේන්තුවේ ලිපිකාරියක් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකි.
මොවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරිමට අධිකරණය නියෝග කර සිටියේ ය.
නඩුවේ සෙසු විත්තිකරුවන් වන නිරාජ් රෝෂාන් නොහොත් 'අලි රෝෂාන්' ඇතුළු සෙසු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහි නඩු විභාගය පැවැත්වෙනු ඇති.