ඥාතීන් අමාරුවේ වැටුණු මරණ පරීක්ෂණය

ඩුබායි සිට රැගෙන ආ සිරුරක් මරණ පරීක්ෂණයක් නොකර ඥාතීන්ට භාරදීම නිසා ගැටලුසහගත තත්ත්වයක්

by Staff writer 22-06-2020 | 4:35 PM

COLOMBO (News 1st) - ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තොරව ඥාතීන්ට භාරදීම හේතුවෙන් මළ සිරුර යළි ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය සඳහන් කළේ, මළ සිරුර ඊයේ දහවල් දිවයිනට රැගෙන ආ බවය. එහිදී ගුවන්තොටුපොළ බලධාරීන්ගේ අතපසුවීමක් හේතුවෙන් මරණ පරීක්ෂණය සිදු නොකර මළ සිරුර ඥාතීන්ට භාරදී ඇති බව පොලීසිය පැවසුවේ ය. මරණ පරීක්ෂණය මීගමුව මහ රෝහලේදී අද සිදු කිරීමට නියමිතය. ඩුබායි රාජ්‍යයේදී මෙලෙස මියගොස් ඇත්තේ, හතලිස් හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සිය දිවි හානිකරගෙන මිය ගොස් ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණට වී නොමැති බව පොලීසිය පැවසීය.