ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 22-06-2020 | 8:03 AM

දේශීය පුවත්

1. සටනකින් තුවාල ලැබූ මේඝ ඇතා විල්පත්තුවේදී මරුට : සටනකින් තුවාල ලබා ඇති ව්‍යාදිකුලම් ඇතා හෙවත් ‘මේඝ’ මියගොස් තිබේ. ඇතුන් 10 ක් විතර සැරිසරන විල්පත්තු අභයභූමියේ හිටපු දිගම දළ යුගල හිමි ඇතා ලෙස ‘මේඝ’ හැඳින්විය හැකිය. 2. උ/පෙළ විභාග දිනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා සළකා බැලීමට කමිටුවක් – අධ්‍යාපන අමාත්‍යාංශය : මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය සම්බන්යෙන් ඉදිරිපත් වන යෝජනා සළකා බැලීමට කමිටුවක් පත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 3. පොහොට්ටුවේ දෙපිරිසක් අතර කොටපොලදී උණුසුම් තත්ත්වයක්: කොටපොල ප්‍රාදේශීය සභා භූමියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. 4. රැඳවියන්ට දුරකතන දෙන්න හැදූ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට වැඩ වරදී: බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබා දීමට තැත් කළ මාතර සහ මහර බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

විදෙස් පුවත්

5. ඉන්දු – චීන අර්බුදය විසඳීමට මැදිහත් වන බවට අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක් : ඉන්දු – චීන අර්බුදය විසඳීමට සහය වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.