ඔරුවක් පෙරළී සිව්දරු පියෙකු මරුට

ඔරුවක් පෙරළී සිව්දරු පියෙකු මරුට

by Staff writer 22-06-2020 | 5:10 PM

COLOMBO (News 1st) - හම්බන්තොට, පතලයාගම වැවේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකු මිය ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, ඊයේ රාත්‍රියේ මිය ගිය ධීවරයා තව ත් අයෙකු සමග මසුන් ඇල්ලීම සඳහා වැවට ගොස් ඇති බවය. එහිදී ඔරුව පෙරළී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේ ය. එහිදී එක් අයෙකු දිවි බේරාගෙන තිබේ. අනතුරින් මියගියේ 46 හැවිරිදි පරණනමානගේ ජයසූරිය නැමති අයෙකි. ඔහු සිව්දරු පියෙකි. හම්බන්තොට පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතය. https://www.facebook.com/NewsfirstSL/videos/261454275191324/