දික්ඕවිට මුහුදේ නාන්න ගිය 5න් 4ක් මරුට

Update: දික්ඕවිට මුහුදේ නෑමට ගිය පස් දෙනාගෙන් සිව්දෙනෙකු මරුට

by Staff writer 21-06-2020 | 9:40 AM

COLOMBO (News 1st) - වත්තල, දික්ඕවිට මුහුදේ දිය නෑමට ගිය පස් දෙනාගෙන් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, පිරිමි දරුවෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ සිටින තව ත් කාන්තාවක් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය. ඔවුන් එකම පවුලේ ඥාතීන් පිරිසක් බව පොලීසිය පවසයි. ඔවුන් ඊයේ පස්වරුවේ දික්ඕවිට මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී පිරිමි දරුවා දියේ ගිලී අතුරුදන් විය. මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 16, 20 හා 30 යන වයස්වල පසුවන අතර මිය ගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 14 ක් වන බව පොලීසිය පැවසීය. ඔවුන්ගේ මෘත ශරීර රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ. ඔවුන් 16, 20, සහ 30 හැවිරිදි උස්වැටකෙයියාව පුබුදුගම සහ බදුල්ල, හාලිඇල පදිංචිකරුවන් පිරිසකි. දියේ ගිලී මියගිය පිරිමි ළමයා 14 හැවිරිදි කඳාන, කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.