by Staff writer 21-06-2020 | 12:59 PM
News 1st - හිමාල දේශසීමාවේදී ඉන්දීය සහ චීන සෙබළුන් අතර හටගත් ගැටුමෙන් චීන සෙබළුන් 40 ඉක්ම වූ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍යවරයකුවන විශ්‍රාමික ජෙනරාල් වී. කේ. සිං පවසයි.
මෙම ගැටුමෙන් මිය ගිය චීන සෙබළුන් සංඛ්‍යාව පිළිබඳ ඉන්දීය රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රථම හෙළිදරව්ව මෙයයි.
ජෙනරාල් වී. කේ. සිං පවසන්නේ, චීනය ගැටුමෙන් මිය ගිය තම සෙබළුන්ගේ දත්ත සඟවන බවය.
1962 වසරේ දෙරට අතර පැවති ගැටුමේදී ද චීනය මිය ගිය සංඛ්‍යාව පිළිබඳ පළ වූ වාර්තා පිළිනොගත් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.
මෙම ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු මිය ගියහ.
දෙරට අතර හිමාල දේශසීමාවේ මීට පෙර මෙවැනි ගැටුමක් හටගත්තේ මීට වසර 45 කට පෙරය.