by Staff writer 21-06-2020 | 1:53 PM
COLOMBO (News 1st) - මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම ලබන අඟහරුවාදා සිට ආරම්භ වේ.
කමිටුවේ ප්‍රධානි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පැවසුවේ, ඊට අමතරව කමිටු නියෝජිතයින් හමුවීමට අතිරේක දින 2 ක් ලබාදීමට ද සැලසුම් කර ඇති බවය.
ඉදිරිපත් කරන මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01 යන ලිපිනයට ඉදිරිපත් කළ හැකි වේ.
පැමිණිලි අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ඊමේල් ගිණුමක් සහ දුරකතන අංකයක් ද හඳුන්වාදීමට නියමිතය.
කමිටු ප්‍රධානී හරිගුප්තා රෝහණධීර මහතා සඳහන් කළේ, අදාළ යෝජනා පැමිණිලි සහ අදහස් විමසා බැලීමට සහ ඉදිරි කටයුතු පුළුල් කිරීමට ජනාධිපති නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීන් සහ වෘත්තිකයින්ගේ 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කිරීමට අපේක්ෂා කරන බවය.
ඒ පිළිබඳ හෙට මහ බැංකුවේදී රැස්වන සිය කමිටුව මගින් අවසන් තීරණයකට එළැඹෙන බව ද ඔහු පැවසුවේ ය.
මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයාබලා වාර්තා කිරීමට මෙම කමිටුව පත් කරනු ලැබිණි.
කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා ක්‍රියාකරන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්ෂ කේ.ජී.පී. සිරිකුමාර සහ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ජේ.පී. ගම්ලත් යන මහත්වරු සෙසු සාමාජිකයන් වේ.
මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදු කරන ෆිනෑන්ස් සහ ලීසිං ලබාදීමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් තම ගනුදෙනු සිදු කිරීමේදී සිදු කරන්නා වූ සමාජය අනුමත නොකරන ක්‍රියාවන් සහ මේවා කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබලා ගතයුතු ඉදිරි පියවරයන් සහ නිර්දේශයන් ලබාදෙන ලෙස කමිටුවට දන්වා ඇත.
කමිටුවේ වාර්තාව දින 14 ක් තුළ ලබාදිය යුතු වේ.