බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

රැඳවියන්ට දුරකතන දෙන්න හැදූ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට වැඩ වරදී

by Staff writer 21-06-2020 | 5:33 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබා දීමට තැත් කළ මාතර සහ මහර බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, මාතර බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ බව ය. මේ අතර වැඩ තහනම් වූ මහර බන්ධනාගාරයේ නියාමකවරයා අවස්ථා කිහිපයකදීම රැඳවියන්ට දුරකතන ලබා දීමට උත්සාහ කර ඇතැයි, මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. සැකකාර නියාමකවරයා පිළිබඳව ඉදිරි කටයුතු කරන්නැයි, පොලීසියට පැමිණිලි කළ බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. මාතර සහ මහර බන්ධනාගාර අධිකාරීවරුන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ දීර්ඝ වැටලීමකදී සැකකාර නියාමකවරුන් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.