බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමක්

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 21-06-2020 | 10:21 AM

COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවලදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයකු සීදූව, ධීවර තොටුපොළ මාර්ගයේදී අත්අඩංගුවට ගත් බවය. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 400 ක් සොයාගත් බව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය පැවසීය. පොලීසිය සඳහන් කළේ, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මීගමුව බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම මෙහෙයවන රැඳවියාගේ නිවසේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් එකක් සහ ග්‍රෑම් 830 ක් සමග ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බවය. ඉන් අනතුරුව එම සැකකාරියගේ, සහෝදරයා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති කේරල ගංජා ප්‍රමාණය ග්‍රෑම් 455 කි. බන්ධනාගාරයේ සිටින රැඳවියා ලබාදෙන දුරකතන ඇමතුම් අනුව මෙම මත්ද්‍රව්‍ය විවිධ පුද්ගලයින්ට රැගෙන ගොස් භාරදෙන බවත්, ඉන් ලබාගන්නා මුදල් රැඳවියාගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කරන බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද මීගමුව සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.