මැතිවරණය:මාර්ගෝපදේශ ගැසට් නිවේදනය හෙට

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරේ..

by Staff writer 21-06-2020 | 10:44 AM

COLOMBO (News 1st) - සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීම හා COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සමාජ දුරස්ථභාවය රැක ගනිමින් නිරෝධායන නීතිවලට අනුකූලව ජනතාව තවදුරටත් කටයුතු කළ යුතු බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය. ඊයේ දිනයේදී කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් හමු නොවු බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, නාවික හමුදා සාමාජිකයින් දහසක පමණ පිරිසක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි.